ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

இலங்கையின் நிரந்தரத் தூதரகம், ஜெனீவா

Permanent Mission of Sri Lanka in Geneva

Embassy Flag

ශ්‍රී ලංකාවට හදිසි ආපදා සහන ලබා දීම

Emblem

ශ්‍රී ලංකාවට හදිසි ආපදා සහන ලබා දීම

flood

' දිට්වා' (Ditwah) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට හදිසි ආපදා සහන සහ ආධාර අවශ්‍යව ඇත.

ඔබගේ මූල්‍ය පරිත්‍යාග (ස්විස් ෆ්‍රෑන්ක් /CHF මුදල් වර්ගයෙන්) ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පහත සඳහන් බැංකු ගිණුම වෙත යොමු කළ හැක.

ගිණුමේ නම: Consulate General of Sri Lanka

බැංකුවේ නම: UBS Switzerland AG

ගිණුම් අංකය (IBAN): CH35 0024 0240 2561 2130 A

BIC කේතය: UBSWCHZH80A

කරුණාකර මුදල් බැර කිරීමේදී හේතුව/සටහන (reference) ලෙස ‘Sri Lanka Flood Relief’ යනුවෙන් සඳහන් කරන්න.

මුදල් බැර කළ රිසිට් පත (proof of transfer/slip) ඔබගේ නම සහ තැපැල් කේතය (postal code) සඳහන් කොට prun.geneva@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස සියලුම පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සෑම පරිත්‍යාගයක් සඳහාම නිල රිසිට්පතක් නිකුත් කර විද්‍යුත් තැපෑලෙන් එවනු ලබන අතර, එහි මුල් පිටපත (original receipt) කොන්සල් කාර්යාලයෙන් ලබා ගත හැක.

ගංවතුර සහන සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සබැඳි හරහා ලබා ගත හැක:

මෙම දුෂ්කර අවස්ථාවේදී ඔබ ලබා දෙන ඕනෑම සහයෝගයක් ඉතා අගය කොට සලකමු.

ආපදා සහන සම්බන්ධ හදිසි විමසීම්: +41782596530 / WhatsApp: +94767566174

විද්‍යුත් ලිපිනය: prun.geneva@mfa.gov.lk 

 

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය